නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එන්.ඒ.ඩී කෞෂල්‍යා මිය
අනාගත වැඩ ලෝකයට අවැසි දැනුම, කුසලතා,ආකල්ප වලින් පරිපූර්ණ පෞර්ෂයකින් හෙබි පරපුරක් බිහි කරන්නට රඹකැන් පුරවරයේ පමණක් නොව මුළු මහත් දිවයින තුලම සිය නාමය ඉහළ තළයක රඳවා ගත් පාසලක් වශයෙන් කෑ/මාව/සුජාතා විද්‍යාලය අවිවාදයෙන් හඳුන්වා දිය හැක.
එහි තවත් එක් හැරවුම් ලක්ෂයක් වශයෙන් කෑ/මාව/සුජාතා විද්‍යාලයේ අභිනවයෙන් හඳුන්වා දෙනු ලබන මෙම "වෙබ් පිටුව" විද්‍යාලීය කෘතහස්ථ දියුණුව විනිවිද පෙන්වාලන කැඩපතක් වශයෙන් නම් කළ හැක. නවීන තාක්ෂණය මනා සේ සුසංයෝග කර ගනිමින් විද්‍යාලාධිපති තුමා ප්‍රධාන සමස්ථ පරිපාලනයේ මැදිහත් වීම සහ විද්‍යාලීය තාක්ෂණික ඒකකය භාර ගුරු භවතුන්ගේ පූර්ව අධීක්ෂනයෙන්,තාක්ෂණික සංගමයේ දුවා දරුවන්ගේ කැප වීමෙන් ඇරඹෙන මෙම ඉදිරි පියවරට මාගේ සුභාෂිතය පළ කර සිටිමි.
එන්.ඒ.ඩී කෞෂල්‍යා මිය
නියෝජ්‍ය විදුහල්පති
කෑ/මාව/සුජාතා විද්‍යාලය.