සුජාතා විද්‍යාලය

විදුහල්පතිතුමා විශ්‍රාම යාම.

ගීතා කුමාරි ගුරුතුමියගේ විශ්‍රාම යාම

2024 ලෝක ළමා දින සැමරුම

main-gate_edited.jpg
main-gate_edited.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ඒ.එස්.කේ.දසනායක

 

කෑ/මාව/සුජාතා කණිෂ්ඨ විද්‍යාලය මාවනැල්ල අධ්‍යාපන කලාපයේ රඹුක්කන අධ්‍යාපන කොට්ඨාසයට අයත් Type 2 වර්ගයේ පාසලකි. 
             රඹුක්කන නගරය කේන්ද්‍ර කරගෙන පිහිටි මාගේ පාසල 1 සිට 11 ශ්‍රේණිය දක්වා සමාන්තර ශ්‍රේණි රාශියක් පැවැත්වෙන 3000 කට ආසන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉගෙනුම ලබන ජනප්‍රිය පාසලකි. පාසල ජනප්‍රිය නිසාම ඉතා දුර බැහැර ප්‍රදේශ වලින් පවා සිසුන් මෙම පාසලට ඇතුලත් වෙමින් සිටි. 
                රඹුක්කන ප්‍රදේශයේ අධ්‍යාපනයේ දිදුලන තාරකාවක් බඳු වූ මගේ පාසල විෂ‍යානුබද්ධ, විෂය සමගාමී හා විෂ‍ය බාහිර යන සෑම අංෂයන්ගෙන්ම ප්‍රදේශයේ අනෙකුත් පාසල් අභිබවමින් සිටී.මේ සියළු ජයග්‍රහනයන් පිටුපස ඇති 105ක් පමණ වන පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ නොමද කැපවීම විශේෂයෙන් අගය කළ යුතුය. තවද ඒ සඳහා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දායකත්වයද හිමිවන බව සිහිපත් කළ යුතුය. 
               

21 වෙනි සියවසයේ නව මංපෙත් විවර කරගැනීම සඳහා මෘදු කුසලතාවලින් පිරිපුන් දරු පිරිසක් බිහි කිරීම විද්‍යාලයේ අරමුණයි. මෙහිදී තොරතුරු තාක්ෂණ් අංශයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. තොරතුරු තාක්ශණයේ නව මංපෙත් විවර කරමින් විද්‍යාලයට අයත් වෙබ් පිටුවක් නිර්මාණය කිරීමට තොරතුරු තාක්ශණ අංශය තීරණය කර ඇත. ඒ තුළින් සිසුන්ට තොරතුරු තාක්ෂණයේ නව මංපෙත් විවර කිරීමක්, විද්‍යාලයේ කීර්තිය සමාජ මාධ්‍ය ඔස්සේ ලෝකය වෙත රැගෙන යාමටත් බලාපොරොත්තු වේ.මේ සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කරන විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විෂයභාර ගුරුමහත්මිය වන A.G.C.විජේතිලක හා P.S.G.L.L. සමරකෝන් යන දෙපළගේ කැපවීම ප්‍රශංසනීය වේ. එමෙන්ම විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ විශය හදාරන දරුවන්ගේ දායකත්වයද විශේෂයෙන් අගය කරමි. ඔවුන් සියළු දෙනා එක්ව දරනු ලබන මෙම ප්‍රයත්නය සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි. 

 


                                              

ඒ.එස්.කේ.දසනායක
නියෝජ්‍ය විදුහල්පති
කෑ/මාව/සුජාතා විද්‍යාලය.