දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සුජාතා මාතාව 1908 වසරේ වසරේදී රොමානිස් වත්ත නම් භූමියේ කුඩා පොල් අතු පැලක විද්‍යාලයක් ලෙස ඒබ්‍රහම් සිල්වා මහතා විසින් ආරම්භ කොට ඇත. ඒබ්‍රහම් සිල්වා මහතාගේ සහ කේ.ඒ. ජස්ටින්පෙරේරා මහතාගේ සම්පත් දායකත්වයෙන් මිලයට ගත් පර්චස් 60ක භූමි ප්‍රමාණයකින් ද ඩි.පේ සමරසිංහ මහතා ප්රදානය කළ පර්චස් 80ක භූමි ප්‍රමාණයෙන් ද පරම විඥානාර්ථ බෞද්ධ සමාගම වෙත පැවරීම තුලින් පාසල සතු භූමි පරිසරය ක්‍රමයෙන් වැඩිවිය. එසේ ම ටි.ඊ ප්‍රේමචන්ද්‍ර මහතාගේ දායකත්වයෙන් පැතලි උළු සහිත ගොඩනැගිල්ලක් පාසල තුළ නිර්මාණය විය. තවද එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයාගේ මැදිහත් වීම මගින් රඹුක්කන ප්‍රධාන මාර්ගයට යාබදව පාසල තුළ නව ගොඩනැගිල්ලක් ඉදි විය.වර්ෂ 1908 සිට 1925 දක්වා කාලය තුළ පාසලේ උන්නතිය උදෙසා කැප වූ විදුහල්පතිවරුන් පිළිබඳ ලිඛිත සටහන් නොමැති අතර 1925 සිට 1951 දක්වා කාලවකවානුව තුළ විද්‍යාලය විදුහල්පති භූමියක් යටතේ පාලනය වූ බව සඳහන් ය.1951 සිට මේ කාල වකවානුව තුළ පාසල නගා සිටුවීම සඳහා විදුහල්පතිවරු විසිදෙනකු පමණ තම අපරිමිත ධෛර්යය කැප කොට ඇත එහි ප්‍රතිඵලයක් වශයෙන් කෑම/මාව/සුජාතා විද්‍යාලය වර්තමාන වන විට මානව හා භෞතික සම්පත් වලින් අනුන ගුණ නැණ බෙලෙන් යුතු සාඩම්බර පුතුන් දැයට දායාද කරන සබරගමු පළාතේ ඇති දුර ඇති දුර නේ මිණි කැටයක් බවට පත්වී ඇත.