සුජාතා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

විදුහල්පතිතුමා විශ්‍රාම යාම.

ගීතා කුමාරි ගුරුතුමියගේ විශ්‍රාම යාම

2024 ලෝක ළමා දින සැමරුම

main-gate_edited.jpg
main-gate_edited.jpg

රඹුක්කන පුරවරයේ ජනාදරයට පත්ව ඇති කෑ/මාව/සුජාතා විද්‍යාලය රඹුක්කන නගරයේ සිට කෑගල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ දලුග්ගල රජමහා විහාරස්ථානයේ සිසිලස ලබමින් දහස් ගණන් සිසු දරු දැරියන්ගේ නැණ නැණ පහන් දල්වන විද්‍යාස්ථානයකි.

දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන සුජාතා මාතාව 1908 වසරේදී රොමානිස් වත්ත නම් භූමියේ කුඩා පොල් අතු පැලකර විද්‍යාලයක් ලෙස ඒබ්‍රහම් සිල්වා මහතා විසින් ආරම්භ කොට ඇත. ඒබ්‍රහම් සිල්වා මහතාගේ සහ කේ.ඒ ජස්ටින්පෙරේරා මහතාගේ සම්පත් දායකත්වයෙන් මිලයට ගත් පර්චස් 60ක භූමි ප්‍රමාණයකින්  ද ඩි.පේ සමරසිංහ මහතා ප්‍රදානය කළ පර්චස් 80ක භූමි ප්‍රමාණයෙන් ද පරම විඥානාර්ථ බෞද්ධ සමාගම වෙත පැවරීම තුලින් පාසල සතු භූමි පරිසරය ක්‍රමයෙන් වැඩිවිය. එසේ ම ටි.ඊ ප්‍රේමචන්ද්‍ර මහතාගේ දායකත්වයෙන් පැතලි උළු සහිත ගොඩනැගිල්ලක් පාසල තුළ නිර්මාණය විය තවද එවකට සිටි අධ්‍යාපන ඇමතිවරයාගේ මැදිහත් වීම් එකෙන් රඹුක්කන ප්‍රධාන මාර්ගයට යාබදව පාසල තුළ නව ගොඩනැගිල්ලක් ඉදි විය.

වර්ෂ 1908 සිට 1925 දක්වා කාලය තුළ පාසලේ උන්නතිය උදෙසා කැප වූ විදුහල්පතිවරුන් පිළිබඳ ලිඛිත සටහන් නොමැති අතර වර්ෂ 1925 සිට 1951 දක්වා කාලවකවානුව තුළ විද්‍යාලය විදුහල්පති තුමියක් යටතේ පාලනය වූ බව සඳහන් ය.වර්ෂ 1951 සිට මේ කාල වකවානුව තුළ පාසල නගා සිටුවීම සඳහා විදුහල්පතිව විසිදෙනකු පමණ තම අපරිමිත ධෛර්යය කැප කොට ඇත එහි ප්‍රතිඵලයක් වශයෙන් කෑම/මාව/සුජාතා විද්‍යාලය වර්තමාන වන විට මානව හා භෞතික සම්පත් වලින් අනුභව ගුණ නැණ බෙලෙන් යුතු සාඩම්බර පුතුන් දැයට දායාද කරන සබරගමු පළාතේ ඇති දුර ඇති දුර නේ මිණි කැටයක් බවට පත්වී ඇත.

පාසල දිනෙන් දින මානව හා භෞතික සම්පත් වලින් සරි කරමින් සුජාත දරුවන් හෙළ මවට දායාද කරන්නට විදුහලේ වර්තමාන විදුහල් විදුහල්පති යූ.එල් රණවීර මහතා සිදුකරන අපමණ සේවයක් අගනේය.

වර්තමාන විදුහල්පති එච්.ජී.එස්.ආර්.කුමාර මහතා , නියෝජ්‍ය විදුහල්පතිවරුන් හා අධ්‍යයන,අනධ්‍යයන කාර්ය මණ්ඩ කිරීමෙන් දිනෙන් දින ගුණාත්මක සංවර්ධනය වන සුජාතා මාව අනාගත හෙළබිමට ගුණ නැණ බෙලෙන් යුතු සුජාත දූ පුතුන් දායාද කර ඇත.

වසර 112 ක් පමණ පැරණි ප්‍රෞඩ ඉතිහාසයකට හිමිකම් කියනු ලබන කෑ/මාව/සුජාතා කනිෂ්ඨ විද්‍යාලය වර්තමානය වන විට අ.පො.ස (සාමාන්‍ය පෙළ) මෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමත් වූ ගෙන් ද ප්‍රදේශයේ මහා විද්‍යාලයට දක්ෂ සිසුන් රැසක් සපයන ප්‍රධානතම අධ්‍යාපන මධ්‍යස්ථානය බවට පත්වී ඇත.සිසු සිසුවියන් 2661ක් පමණ ඉගෙනුම ලබන මෙම විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය සංඛ්‍යාව 1217 ක් වන අතර ද්විතීයික අංශයේ එම සංඛ්‍යාව 1444 කි.මෙය සියලු දරු දැරියන්ගේ නැණස පාදන ගුරු ගුරුමණ්ඩලය 106 කි. රඹුක්කන ප්‍රදේශය වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් අධ්‍යාපන හදාරන කනිෂ්ඨ විද්‍යාලය ද වන්නේ සුජාතා විද්‍යාලයයි. විදුහල වර්තමාන විදුහල්පති R.A.U.L රණවීර මහතාය.පාසල පුරා අධ්‍යාපනික මෙන්ම භෞතික වශයෙන් ද වශයෙන්ද සංවර්ධන කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙයි දුර්වල සිසුන් සදහා ප්‍රතිකාර්ය වැඩසටහන් රැසක් 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ම ක්‍රියාත්මක වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙවර අ.පො.ස (සාමාන්‍ය පෙළ) 2018 ප්‍රතිඵල පාසල් ඉතිහාසයේ වැඩිම ශිෂ්‍ය සංඛ්‍යාවක් එනම් 86%සමත් වූ වර්ෂය ලෙස වාර්තා විය.එමෙන්ම ප්‍රදේශයේ පාසල් අතුරින් පහ ශ්‍රේණියශිෂ්‍යත්ව ධාරීන් වැඩිම සංඛ්‍යාවක් වර්ෂයක් පාසා බිහි කරනු ලබන්නේ ද අප විදුහලෙනි .

විද්‍යාලය අධ්‍යාපනික මෙන්ම භෞතික සංවර්ධනයට අනගි ශක්තියක් සැපයීමට විදුහල් ආදි ශිෂ්‍ය සංගමය ඇප කැපවී කැප වී ක්‍රියා කරයි. දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනය සදහා සම්මන්ත්‍රණ පැවැත්වීම,අධ්‍යාපනික උපකරණ සැපයීම ඇතුළු උපකාර රැසකටද උරදෙන මෙම සංගමයේ විදුහල් මාතාවට නම් කෘතගුණ දත් වූයේ දරුවන්ගේ කියවීමේ රුචිකත්වය වර්ධනය කිරීමේ අරමුනින් ලක්ෂ 30ක් පමණ වටිනා පුස්තකාල ගොඩනැගිල්ලද පරිත්‍යාග කරමිනි.

එමෙන්ම සුජාතා විදුහල ප්‍රජාව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන්නේ සුහදශීලී ප්‍රතිපත්තියකි. සුවිශේෂ පොහොය දින වලදී මෙන්ම මාසික පොහොය වැඩසටහන් වලදිත් ද සිසුන් මානසික සංවර්ධනයට කටයුතු කරන්නා සේම ප්‍රජා සත් සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි ශීල ව්‍යාපාර,වෙසක් දන්සල් පැවැත්වීම,රෝහල් සත්කාරක සේවා,දිළිඳු පවුල් සඳහා ආධාර ලබා දීමේ ඉන් කිහිපයකි.

එමෙන්ම සිසුන් සදහා ශ්‍රී ලංකා පොලීසිය,මහජන සෞඛ්ය පරීක්ෂක කාර්යාලය,වෛද්‍ය අධිකාරී කාර්යාලය,වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය,උපදේශන හා මාර්ගෝපදේශන ඒකකය,සමථ මණ්ඩලය සහ කලාප අධ්‍යාපන කාර්යාලය සමග එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි.ගුරු සංවර්ධනය තුළින් වැදගත් කටයුතු රැසක් ක්‍රියාත්මක වෙමින් පවතී.ක්‍රීඩා,සෞන්දර්ය,තාක්ෂණික යන ශ්‍රේෂ්ත්‍ර රැසකින් විදුහල් මාතාවට ජයග්‍රහණ ලබා දීමට විදුහල් ශිෂ්‍ය ප්‍රජාව සමත් වී ඇත.