Special Notice
විදුහල්පතිතුමා විශ්‍රාම යාම.
ගීතා කුමාරි ගුරුතුමියගේ විශ්‍රාම යාම
-
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති
- පාසල ආරම්භ වන්නේ පෙ.ව. 7.30 ට හා අවසන් වන්නේ ප.ව. 1.30ය. එබැවින්, සෑම ශිෂ්‍ය/ශිෂ්‍යාවක් ම උදෑසන 7.30 ට පෙර පාසලට පැමිණියේ යුතු අතර, පාසල් කටයුතු අවසන් වන තුරු පාසලේ රැඳී සිටිය යුතුය. වේලාසන පාසලින් බැහැරව යාමට හැක්කේ පන්ති භාර ගුරුතුමා/ගුරුතුමියගේ නිර්දේශය මත විදුහල්පති තුමාගේ අවසර ඇත්නම් පමණි.
- සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක් ම පාසල් කාලය තුළ (විවේක කාලය හැර) තම තමන් අයත් පන්ති කාමරය තුළ රැඳී සිටි වූ අතර අදාළ ගුරුභවතා විසින් මෙහෙය වන ඉගෙනුම් හෝ ඇගයීම් අවස්ථා සඳහා ක්‍රියාකාරී ව සහභාගි විය යුතුය.
- පාසල් ආරම්භය සඳහා පළමු සීනුව නාද කළ විට නිශ්ශබ්දව පන්ති කාමරවල තමන්ගේ ස්ථානය කරා යා යුතු ය.
- දෙවන සීනුව නාද කළ විට නියමිත ස්ථාන වල දී (ආසන පවතින ස්ථානවල දී හුනස්සෙන් නැඟී සිට) මනා සිහිබුද්ධියෙන් යුක්තව පංච ශීල ප්‍රතිපත්තිය පිළිගැනුම් කරන බැවින් හා එමගින් ශිෂ්‍යයාට යහපතක් ම ගෙන දෙන බැවින්, අන්‍ය ආගම් අදහන සිසුන්ද පාසල් උපසංස්කෘතියට අනුව පංචශීලය සමාදන් වීම හෝ ස්වකීය ආගම සිහි කිරීමට නිශ්ශබ්දව එකී කාලය ගත කළ යුතුය.
- විදුහල්පතිතුමා ප්රමුඛ විදුහලේ සෑම ගුරුතුමෙක් තුමියක් කෙරෙහි ම ආචාරශීලීව හා කිකරුව හැසිරිය යුතු ය.
- සෑම අවස්ථාවක දීම ගුරුමහත්ම/මහත්මීන්ගේ උපදෙස් පිළිපැදිය යුතු අතර, ශිෂ්‍ය නායක/නායිකාවන්ට ද අවනත විය යුතු ය.
- පාසල් නිල ඇඳුම නියමිත පරිදි (ශිෂ්‍ය කාර්ය දර්ශනය දක්වා ඇති පරිද) සකස් විය යුතු ය. ඊට අනවශ්‍ය විලාසිතා එක් කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- එමෙන්ම, රෙදි වල මුද්‍රණය කළ පාසලේ ලාංඡන සෑම ශිෂ්‍යයෙකු ම ස්වකීය කමිස සාක්කුවේ වම් පස ඉහළ කෙළවරට තබා මැසීමෙන් නිසි පරිදි සකස් කර ගත යුතු ය.
- පාසල නියෝජනය කරන කවර අවස්ථාවක දී වුව ද (විදුහල්පතිතුමාගේ විශේෂ අවසරය ඇති විට හැර) සම්පූර්ණ නිල ඇඳුමින් සැරසී සහභාගී විය යුතු ය.
- පාසල් පරිශ්‍රයේ පවිත්‍රතාවය රැක ගැනීමට සෑම ශිෂ්‍ය/ශිෂ්‍යාවක් ම කටයුතු කළ යුතු ය.පාසල් භූමියට පොලිතින් රැගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
- ලී බඩු ඇතුළු අනෙකුත් සියලු ම පාසල් උපකරණ ඉතා සුපරීක්ෂාකාරීව පරිහරණය කළ යුතු අතර, ඒවා ආරක්ෂා කිරිම ද ඔබගේ යුතුකම බව සිහියේ තබා ගත යුතු ය. පාසල සතු කිසියම් භාණ්ඩයක්/උපකරණයක් යම්කිසි ස්ථානයක අනාරක්ෂිතව තිබෙනු නිරීක්ෂණය කළ හොත් එය වහා ම විදුහල්පතිතුමා වෙත දැන්වීමට හා භාර දීමට කටයුතු කිරීම ද ඔබගේ යුතු කමකි.
- පාසල ඇතුළත් කර ගන්නා සෑම ශිෂ්‍ය/ශිෂ්‍යාවකට ම ඩෙස් එකක් හා පුටුවක් ලබා දෙන අතර, එය පාසලෙන් අස්වී යන තුරු ම අදාළ ශිෂ්‍යයා/ශිෂ්‍යයාව විසින් පරිහරණය කළ යුතු අතර, පාසලෙන් අස්වී අවස්ථාවේ දී ඒවා නැවත භාර දීමට කටයුතු කළ යුතු ය. එනමුත් එකී උපකරණවලට හානී වී සිදුව ඇත්නම් ඒවා පිළිසකර දීමට දෙමව්පියන් වග බලා ගත යුතු ය.
- එමෙන්ම, ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් වෙතින් පාසල සතු උපකරණයකට/දේපළකට කිසියම් හානියක් සිදු වුවහොත්, එය හෝ ඒවා පිළිසකර කිරීමට හෝ අලාභය ගෙවීමට, අදාළ දරුවන්ගේ දෙමව්පියන් බැඳී සිටි.
- පාසැල් කටයුතු අවසන් වූ පසු ආරක්ෂක හේතූන් මත විදුහල්පතිගේ අවසරයක් නොමැතිව කිසිම ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට හෝ දෙමව්පියන් හෝ භාරකරුවන්ට හෝ පාසල් පරිශ්‍රය තුළ ගැවසීම තහනම් වේ.
- සෑම පාසල් දිනයකම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණිය යුතු ය. නොපැමිණියේ නම් ඊට හේතුව මව/පියා/භාරකරු හෝ ලවා ස්වකීය ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොතේ අදාළ ස්ථානයේ සටහන් කරවා ගෙන පන්තිභාර ගුරුතුමා/ගුරුතුමිය වෙත ඉදිරිපත් කළ යුතු ය.
- බෝවන රෝගයක් හෝ වෙනත් විශේෂ හේතුවක් මත පාසල් පැමිණිය නොහැකිනම්, පළමු දිනයේ දීම මව/පියා/භාරකරු විසින් පාසලට පැමිණ හෝ පාසලේ ස්ථාවර දුරකථනය (035-2265259) අමතා හෝ ඒ බව පන්ති භාර ගුරුතුමා /ගුරුතුමිය වෙත දැන්වීමට කටයුතු කළ යුතු අතර නැවත පාසලට පැමිණෙන විට මෙහි පූර්වයෙන් සඳහන් කර ඇති ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු ය.
- පාසල් පොත්/ඉගෙනුම් උපකරණ/ ගුරුතුමා/තුමිය විසින් පාසලට රැගෙන ඒමට දක්වා ඇති දෙයක් හැරුණු කොට කොට හැර, වෙනත් කිසිම දෙයක් (අසභ්‍ය සඟර, ඡායාරූප, CD, DVD, ජංගම දුරකථන හා ඊට අයත් උපාංග, ඔරලෝසු වැනි දෑ) පාසලට ගෙන ඒම, සපුරා තහනම් වේ.
- ශිෂ්‍යයෙකු/ ශිෂ්‍යාවකගේ විශේෂ පෞද්ගලික උත්සව අවස්ථාවක් නිමිති කොට ගෙන ස්වකීය පන්තියේ සෙසු අයට යම්කිසි ආහාරයක් හෝ පාසල උපකරණයක් හෝ වෙනත් දෙයක් හෝ බෙදා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් ඊට ප්‍රථම පන්ති භාර ගුරුතුමා/තුමිය දැනුවත් කර ඔහු/ඇය මගින් විදුහල්පතිතුමාගේ පූර්ව අනුමැතිය ලබාගැනීම අනිවාර්ය වේ.
- පාසල් කාලය තුළ පාසලට පැමිණෙන කවර හෝ අමුත්තකු සමඟ, විදුහල්පතිතුමාගේ අවසර නොමැතිව කථා බස් කිරීමට හෝ භාණ්ඩ හුවමාරු කර ගැනීමට අවැසි වූ විට ගුරුතුමා/ගුරුතුමිය මගින් විදුහල්පතිතුමාගේ අවසරය ලබාගත යුතු ය.
- පාසල් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් ලෙස ඔබ විසින් සංවිධානය කරනු ලබන ඕනෑම කාර්යයක් සඳහා, එය ක්‍රියාත්ම කිරීමට ප්‍රථමයෙන් පන්ත/ විෂය භාර ගුරුතුමා/ගුරුතුමිය මගින් විදුහල්පතිතුමාගේ අවසර ලබාගත යුතු ය.
- තවද පාසල තුළ දී මෙන් ම ඉන් පිටත දී ද, පාසලේ ගෞරවය හා ඔබගේ ගෞරවය රැක ගැනීම ඔබේ වගකීම හා යුතුකම වන්නේය. එසේ ම, පාසලේ කීර්ති නාමය පළුදු වන ආකාරයේ කිසියම් පුද්ගලයෙක් හෝ පිරිසක් කිසියම් ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හෝ සිතා මතා හෝ වක්‍රාකාරයෙන් එය සිදු කරන්නේ නම් ඔබගේ යුතුකම් වන්නේ, ඊට එදිරිව සෘජු ව ම මැදිහත් වීම නොව, වහාම ඒ සම්බන්ධයෙන් විදුහල්පතිතුමා දැනුවත් කිරීමය.
- පන්තිභාර ගුරුභවතෙක්/විෂයභාර ගුරුභවතෙක්/ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවක් තමා සම්බන්ධයෙන් කිසියම් චර්යා ඇගයීමක් පිළිබඳ සහතික සටහන් ලබා ගැනීමේ දී, එකී සටහන් ස්වකීය ප්‍රගති වාර්තා පොතේ අදාළ ස්ථායෙහි තබා ගැනීමට වග බලා ගත යුතු අතර එය විදුහල්පතිතුමා ලබා අනු අත්සන් තබා ගෙන තිබිය යුතු ය.
- සිසුන් වෙත මින් ඉදිරියට චරිත සහතික නිකුත් කිරීමේ දී ප්‍රගති වාර්තා පොතේ අන්තර්ගත සටහන්වලට මූලිකත්වයත්වය ලබා දෙනු ලබන අතර, එසේ නොමැති කරුණක් සම්බන්ධයෙන් අදාළ සහතිකයට කරුණු ඇතුළත් කරවා ගැනීමට අවශ්‍ය නම්, ඒ සඳහා පිළිගත හැකි මුද්‍රිත සහතික පත්‍රයක් හෝ ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට සිදු වනු ඇත.
- තවද, ඕනෑම ශිෂ්යායෙක්/ශිෂ්‍යාවක් වෙත චරිත සහතික නිකුත් කරනු ලබන්නේ සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනය හමාර කොට අස් වී යන අවස්ථාවේ දී පමණි. එහි දී ඉහතින් සඳහන් කළ පරිදි ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.
- එසේ ම, නොවැළැක්විය හැකි විශේෂ හේතුවක් දී හැර ආදි ශිෂ්‍ය/ශිෂ්‍යයාවන් වෙත සහතික පත්‍ර නිකුත් කිරීම සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ බ්‍රහස්පතින්දා දින වලදීය. 2018 වර්ෂයෙන් පසු සාමාන්‍ය පරිදි පාසල් අධ්‍යාපනය ඉවත් වන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් සහතික නිකුත් කිරීමට ස්වකීය ශිෂ්‍ය ප්‍රගති වාර්තා පොත අනිවාර්ය වන බැවින්, ස්වකීය ප්‍රගති වාර්තා පොත සුරැකිව තබා ගැනීමට වග බලා ගත යුතුය.
- පාසලින් අස් වී යන තුරු, සෑම ශිෂ්‍යාවක් ම සහ සෑම ශිෂ්‍ය නායක/නායිකාවක් ම පමණක් දිනපතා, විදුහලේ නිල කරපටිය(Tie) පැළඳිය යුතුය. අනෙකුත් ශිෂ්‍යයන්ට පාසලේ නිල කරපටිය පැළඳිය හැක්කේ විශේෂ අවස්ථාවල දී විදුහල්පතිතුමාගේ අවසරය ඇත්නම් පමණි.
- පාසල විසින් ශීත කබා සකස් කොට ලබා දෙන තුරු කිසියම් ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් පාසල ඇඳිය හැක්කේ සුදු වර්ණයට හුරු වර්ණනයෙන් යුතු ශීත කබා පමණි. එමෙන්ම, පිරිමි ළමුන් අත් නොමැති ශිත කබා ද ගැහැනු ළමුන්, දිග අත් සහිත ශීත කබා ද හැදීමට වග බලා ගත යුතු ය. ඒ සම්බන්ධව දෙමාපියන් ස්වකීය පූර්ණ වගකීම දැරිය යුතු ය.
- දරුවෙකු පාසල් නිති පද්ධතිය කඩ කළ අවස්ථාවක දී පාසලේ විනය කමිටුව රැස්වී ඒ සම්බන්ධව සාකච්ඡා කොට ගනු ලබන තීන්දුවට එකඟව කටයුතු කිරීමට සෑම ශිෂ්‍ය/ශිෂ්‍යයාවක් ම බැඳී සිටිය යුතු ය. එම විනය පරීක්ෂණය සඳහා කැඳවීමක් ලදහොත් මව/පියා/නිත්‍යනුකූල භාරකරු හෝ අනිවාර්යෙන් සහභාගි වීමට බැඳී සිටිය යුතු ය.
- මෙම පාසලේ අධ්‍යාපනය ලබන ස්වකීය දරුවෙකු සම්බන්ධයෙන් පාසලේ ගුරුභවතෙකුට/ සහකාර විදුහල්පතිවරෙකුට/වරියකට හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට/වරියකට එදිරිව කිසියම් පැමිණිල්ලක් සිදු කිරීමට ඇති නම් ප්‍රථමයෙන් ඒ පිළිබඳ විදුහල්පතිවරයා පාසල් කාර්යාලයේ දී මුණ ගැසී ලිඛිත ව ස්වකීය අනන්‍යතාවේ තහවුරු කරමින් හෝ පැමිණිලි කිරීමට මව/පියා/භාරකරු වග බලා ගත යුතුය. එමඟින් තමා සෑහිමකට පත් නොවන්නේ නම් පමණක් විදුහල්පතිවරයා දැනුවත් කර උසස් නිලධාරීන්ට පැමිණිලි කළ හැකි ය. එම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම පාසලේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට හේතු වනු ඇත.
- සිංහල ජාතිය නොවන සිසුන් පාසල්ට ඇතුලත්ළත් කර ගැනීම සිදු වුවහොත් පාසල් උප සංස්කෘතියට අදාළ, පාසල් සංවර්ධන සමිතිය පිළිගත් මහා සභා රැස්වීම දී සම්මත වූ නිල ඇඳුම ඇඳීමට ද පාසලේ විනිය නීති රීති මාලාවට එකඟ ව කටයුතු කිරීමට ලිඛිත එකඟතාවක් පළ කළ යුතු ය. එමෙන්ම එකී නීති රීති මාලාව අනුව, පාසල සමඟ ගනුදෙනු කිරීමට 2018 වර්ෂයෙන් පසු පාසලට දරුවන් ඇතුළත් කරන සෑම මවක්/පියෙක්/භාරකරුවෙක්ම ලිඛිත ව පොරොන්දුවක් ලබා දිය යුතු.
- පාසලේ පැමිණෙන ස්වකීය දෙමවුපියන්, පාසල සහ තම තමන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි උචිත ඇඳුමකින් සැරසී පැමිණීම පෙළඹවීම සෑම අවබෝධයක් ඇති ශිෂ්‍ය/ශිෂ්‍යයාවකගේ ම යුතුකමක් වන්නේ ය.
- තවද, පාසලේ ගෞරවය හා ශිෂ්‍ය භූමිකාව නොගැළපෙන අනවශ්‍ය විලාසිතා කිරීම වැළකිය යුතු ය.
- සිසුන් දිනපතා පාසලට පැමිණීමට පෙර නිසි පරිදි, ශාරීරි පවිත්‍රතා කටයුතු මැනවින් සිදු කොට පාසලට පැමිණෙන යුතු අතර, ඒ සම්බන්ධයෙන් දිනපතා සොයා බැලීමට දෙමාපියන් වග බලා ගත යුතුය.
- සුවඳ විලවුන්, ජෙල් වැනි ද්‍රව්‍ය භාවිතය හා පාසලට රැගෙන ඒම සපුරා තහනම් වේ.
- එසේම මත් ද්‍රව්‍ය භාවිතය හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම හෝ පාසල් පරිශ්‍රය තුළ එවැනි දෑ රැගෙන ඒම හෝ පාසලින් පිටත දී ඕනෑම අවස්ථාවක දී මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම හෝ ඊට සහය දැක්වීම හෝ එකී කරුණු සම්බන්ධයෙන් අනෙක් සිසුන් පෙළ වීම හෝ ප්රයත්න දැරීම හෝ සෑම ශිෂ්‍යයෙකුට හා ශිෂ්යයාවකටම සපුරා තහනම් වේ. එවැනි චෝදනාවකට හසුවන කිසියම් පාසල් ශිෂ්‍යයෙක්/ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවන බැව්, සෑම ශිෂ්‍ය/ශිෂ්යයාවක්ම තරයේ සිහි තබා ගත යුතුය.
- එබැවින්, ස්වකීය දරුවාගේ ක්‍රියා කලාපයන් හා හැසිරීම් රටා සම්බන්ධයෙන් පූර්ණ විමසිමකින් කටයුතු කිරීම හා එවැනි ගැටලු සහගත අවස්ථාවක දී විදුහල්පති තුමා සමග සාකච්ඡා කොට විකල්ප ක්‍රියා ක්‍රියාමාර්ගයක් හඳුනා ගැනීමට අවශ්‍ය සහාය පූර්ණ විශ්වාසයකින් යුක්තව ලබාදීම මව/පියා/භාරකරුගේ වගකීම හා යුතුකම වන්නේ ය.